බහාලුම් 323 ගැන සොයන විශේෂ කාරක සභාවේ විමර්ශන මාස 03කින් අවසන් කිරීමේ තීරණයක්

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම පස්වරු 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතීත්වයෙන් 2026.01.21 දින පළමුවරට රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබුවා.

ඒ, අනුව කාරක සභාව 2026.01.28 වැනි බදාදා පස්වරු 2.00 ට නැවත රැස්වීමට නියමිතයි.

කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර, සාමාජික මන්ත්‍රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළා.

මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05
Video thumbnail
සාධාරණයක් ඉල්ලා රජයේ වෛද්‍යවරු සැරවෙයි
05:09
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.01.27
01:44:01
Video thumbnail
කොට්ටච්චි කිව්ව පියයුරු කතාවට SLFP කතුන්ගෙන් සැර සත්තමක්..තමන්ගේ නි#වත අලෙවි කරන තැනට ආණ්ඩුව වැ#ලා
07:53
Video thumbnail
මහ රෑම ගිනිගත්හේන පොලිසියෙන් කළ රථ වාහන පරීක්ෂාව
02:27
Video thumbnail
මිහින්තලේ දැඩි උණුසුම් තත්ත්වයක්.."මිහින්තලේ පොලිසියට පගාව දීලා..කසිප්පු විකුණනවා"
11:35
Video thumbnail
99න් බේරෙනවා කියන්නේ මෙන්න මේවට
00:53


?