ලක්ෂ විස්සකට වැඩි සිගරට් සහ බීඩි තොගයක් සමඟ අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් විසි ලක්ෂ තිස්අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ බීඩි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (17) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම පුද්ගලයා අද (17) අලුයම 12.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 04ක් තුළ සෙල්ලම් බඩු, සාරි, කමිස ඇතුළු භාණ්ඩ අතර සඟවා ගෙන මෙම දුම්වැටි සහ බීඩි තොගය ගෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 21 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00