චීනයේ නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක් නිර්මාණය කිරීමේ පළමු අදියර අසාර්ථක වී තිබෙනවා.
රොකට්ටුව වයඹදිග චීනයේ වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් අඟහරුවාදා පෙ.ව. 10 ට ගුවන් ගත කෙරුණා.
රොකට්ටුවේ දෙවන අදියර සාර්ථකව එහි සැලසුම් කළ කක්ෂයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
නමුත් රොකට් බූස්ටරය ගොඩබෑමට සහ නැවත ලබා ගැනීමට චීනය ගත් දෙවැනි උත්සාහයද අසාර්ථක වී තිබෙනවා.
එහි හේතුව ඇතුළුව අසාර්ථකවත්ය පිළිබඳ විස්තර අනාවරණය නොකළ නමුත් චීන අභ්‍යාවකාශ ආයතනය පැවසුවේ සම්පූර්ණ පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකර හේතුව අනාවරණ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1




