ඩයගම සිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක ගමන් ගත් මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක මගියෙක් තුවාල ලබා තවත් මගියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ මගියා කොටගල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.
හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේ දී අද (20) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඩයගම සිට කොළඹ දක්ව ධාවනය වූ බස් ලංගම රථයේ රියදුරුට විවේක ගැනීම සදහා බස් රථය දිඹුල පතන මංසන්ධියේ මාර්ගයේ ප්රතිවිරුද්ධ දිශාවෙන් නතර කළ අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු පසුපස දොරෙන් ප්රධාන මාර්ගයට බැස තිබෙනවා.
එම අවස්ථාවේ දී නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා, රා ප්රවහනය කිරිමින් තිබූ ලොරි රථයක ඔවුන් දෙදෙනා ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ලොරි රථයේ රියදුරා දිඹුගල පතන පෙලෙසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
මිය ගිය මගියා සහ තුවාල ලැබූ අනිත් මගියා ලිදුල, මෙරායා වත්තේ පදිංචිකරුවන් බවත්, ඔවුන් දෙදෙනා කොළඹට යෑම සදහ ලිදුල ප්රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.




