ලංගම බසයක ගිය මගීන් දෙදෙනෙක් රා ලොරියක ගැටිලා – අයෙක් මරුට අනෙක් මගියාට බරපතළයි

ඩයගම සිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක ගමන් ගත් මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක මගියෙක් තුවාල ලබා තවත් මගියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ මගියා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේ දී අද (20) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඩයගම සිට කොළඹ දක්ව ධාවනය වූ බස් ලංගම රථයේ රියදුරුට විවේක ගැනීම සදහා බස් රථය දිඹුල පතන මංසන්ධියේ මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නතර කළ අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බැස තිබෙනවා.

එම අවස්ථාවේ දී නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා, රා ප්‍රවහනය කිරිමින් තිබූ ලොරි රථයක ඔවුන් දෙදෙනා ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථයේ රියදුරා දිඹුගල පතන පෙලෙසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මිය ගිය මගියා සහ තුවාල ලැබූ අනිත් මගියා ලිදුල, මෙරායා වත්තේ පදිංචිකරුවන් බවත්, ඔවුන් දෙදෙනා කොළඹට යෑම සදහ ලිදුල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18