කැනඩා විදේශ ඇමති ආසියාවේ සංචාරය – අද ඉන්දියාවට

කැනඩාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ කොටසක් ලෙස, කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් අද (12) සිට ඔක්තෝබර් 17 දක්වා ඉන්දියාව, සිංගප්පූරුව සහ චීනය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව කැනේඩියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඉන්දීය සංචාරය අතරතුර, ආනන්ද් නවදිල්ලියේදී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් හමුවනු ඇති.

වෙළඳ විවිධාංගීකරණය, බලශක්ති පරිවර්තනය සහ ආරක්ෂක ගැටළු ඇතුළත් උපායමාර්ගික සහයෝගීතාව සඳහා රාමුවක් ඉදිරියට ගෙන යාම කෙරෙහි සාකච්ඡාවල දී අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.

දිල්ලියට අමතරව, කැනඩාවේ සහ ඉන්දියාවේ ආයෝජන, රැකියා උත්පාදනය සහ ආර්ථික අවස්ථා පෝෂණය කරන කැනේඩියානු සහ ඉන්දියානු ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමට ආනන්ද් මුම්බායි වෙත යන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඉන්දීය සංචාරයෙන් අනතුරුව කැනඩා විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් සිංගප්පූරුවට සහ චීනයට සංචාරය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?