රෝහල් පරිපාලන කටයුතු සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලින් හට සිදුවන දේශපාලණික අතපෙවීම්වලට එරෙහි විරෝධතාවය තවදුරටත් තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැගෙනහිර පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමේ තීරණයකට එළඹෙන බවයි එම සංගමය පැවසුවේ.
මීට සමගාමීව හෙට (07) දිනයේ නැගෙනහිර පළාතේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ද නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල මුල් කර ගනිමින් නිශ්චිත නීතිමය ක්‍රමවේදය අනුගමනය නොකරමින් රෝහල් පරිපාලනය සහ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලින් උල්ලංඝනය කරමින් එම කටයුතු සදහා සෘජුවම දේශපාලනික මැදිහත්වීම් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බවයි.
මේ අතර වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින් යම් සේවා බිදවැටීමක් හෝ මහජන අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි පූර්ණ වගකීම මෙම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සඳහා සාධනීය විසදුමක්දීමට මැලිවන සහ අපොහොසත් වන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.





