නැගෙනහිර රජයේ දොස්තරලාගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්න සැරසෙයි

රෝහල් පරිපාලන කටයුතු සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලින් හට සිදුවන දේශපාලණික අතපෙවීම්වලට එරෙහි විරෝධතාවය තවදුරටත් තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැගෙනහිර පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමේ තීරණයකට එළඹෙන බවයි එම සංගමය පැවසුවේ.

මීට සමගාමීව හෙට (07) දිනයේ නැගෙනහිර පළාතේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ද නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල මුල් කර ගනිමින් නිශ්චිත නීතිමය ක්‍රමවේදය අනුගමනය නොකරමින් රෝහල් පරිපාලනය සහ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලින් උල්ලංඝනය කරමින් එම කටයුතු සදහා සෘජුවම දේශපාලනික මැදිහත්වීම් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින් යම් සේවා බිදවැටීමක් හෝ මහජන අපහසුතාවයක් ඇති වන්නේ නම්, එහි පූර්ණ වගකීම මෙම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සඳහා සාධනීය විසදුමක්දීමට මැලිවන සහ අපොහොසත් වන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51