පුත්තලම විහාරස්ථානයක හිමිනමක් ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි හමුවෙයි

පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ විහාරවාසී හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අපවත්වී ඇත්තේ අවුරුදු 63ක් වයසැති හිමිනමක්.

ඊයේ (29) උදෑසන සහ දහවල් දානය රැගෙන ගිය දායකයන් ද එම දානය විහාරස්ථානයේ මුලුතැන්ගෙන ආසන්නයෙන් තබාගොස් ඇතත් ස්වාමීන් වහන්සේ පිළිබඳ සොයාබැලීමක් සිදුකර නැහැ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ උන්වහන්සේ වසර දෙකකට ආසන්න කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි බවයි.

කෙසේවෙතත් ඊයේ සවස උන්වහන්සේ වෙනුවෙන් ගිලන්පස රැගෙන ආ දායකයන් පිරිසක් ස්වාමීන් වහන්සේ දක්නට නොලැබීඹ පිළිබඳ කළ සොයා බැලීමකදී හිමි ම ආවාස ගෙය තුල ඇද වැටී සිටින ආකාරය දැක ඇත.

අනතුරුව සිද්ධිය පිළිබඳ පුත්තලම පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවිර මහතා විසින් පවත්වා අදලා දේහය පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක්ද පැවැත්විමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දි තිබුනී.

කෙසේ වෙතත් මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සදහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27