spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලම විහාරස්ථානයක හිමිනමක් ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි හමුවෙයි

පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ විහාරවාසී හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අපවත්වී ඇත්තේ අවුරුදු 63ක් වයසැති හිමිනමක්.

ඊයේ (29) උදෑසන සහ දහවල් දානය රැගෙන ගිය දායකයන් ද එම දානය විහාරස්ථානයේ මුලුතැන්ගෙන ආසන්නයෙන් තබාගොස් ඇතත් ස්වාමීන් වහන්සේ පිළිබඳ සොයාබැලීමක් සිදුකර නැහැ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ උන්වහන්සේ වසර දෙකකට ආසන්න කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි බවයි.

කෙසේවෙතත් ඊයේ සවස උන්වහන්සේ වෙනුවෙන් ගිලන්පස රැගෙන ආ දායකයන් පිරිසක් ස්වාමීන් වහන්සේ දක්නට නොලැබීඹ පිළිබඳ කළ සොයා බැලීමකදී හිමි ම ආවාස ගෙය තුල ඇද වැටී සිටින ආකාරය දැක ඇත.

අනතුරුව සිද්ධිය පිළිබඳ පුත්තලම පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවිර මහතා විසින් පවත්වා අදලා දේහය පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක්ද පැවැත්විමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දි තිබුනී.

කෙසේ වෙතත් මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සදහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?