ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය අසල ජාඩි ඇලේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (30) සවස් කාලයේ සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙක් බවයි සැකකරනු ලබන්නේ.
කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් මියගිඉය පුද්ගලයා හැඳ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පොලිසිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




