මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරි නැමැත්තාගෙන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
සැකකාර පියල් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම අවසරණය ලබා දී ඇත්තේ.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (05) දිනයේ මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.
ඒ අනුව මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තැබීමේ චෝදනාව මත සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සිද්ධියේ සක්කරුවෙක්ව සිටින පියල් මනම්පේරිගේ සහෝදරයා වන සම්පත් මනම්පේරි නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටිනවා.





