පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
පාකිස්ථානය විසින් සත්කාරකත්වය දරණ මෙම තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එළඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවන මෙම තුන්කොන් තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසෙන අතර, අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ;ලබාගෙන ඇති කණ්ඩායම අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබනවා.
තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වනදා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.






