න්‍යෂ්ටික බලශක්තිය ගැන ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන වැඩසටහන ඇරඹේ

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (14) කොළඹ දී ආරම්භ වුණා.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් අද (14) ආරම්භ වූ වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනවා.

මෙහිදී ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන කල්පනා කිරීමේදී අද ඇරඹුණු මෙම සමාලෝචන වැඩසටහන ඉතා වැදගත් පියවරක් වන බව ප්‍රකාශ කළා.

එමෙන්ම විශ්වාසනීයත්වය, අඩු පිරිවැය හා බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන කළ න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවද සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ඉහළ ඇගයීමක් ලබාගැනීමට මෙම සමාලෝචන වැඩසටහන මගින් අවස්ථාව සැලසෙන අතරම, ඒ සම්බන්ධව අපගේ වර්තමාන තත්වය හඳුනාගැනීමට හා ඉදිරි පියවර සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමටද එය උපකාරී වන බවත් ඔහු තවදුරටත් පැවසුවා.

මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ න්‍යෂ්ටික විශේෂඥ ජෝන් හද්දාද් ප්‍රමුඛ විශේෂඥයින් පිරිසක් සහ ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජගත් පිටවල ඇතුළු ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්, ප්‍රවීණයින් රැසක් ද සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි..මිනිස්සු එකතුවෙලා කේක් කපයි
02:56
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55