පෞද්ගලික බස්‍ රථ සේවක මහත්වරුන්ටත් විශ්‍රාම වැටුපක් – සීට් බෙල්ට් පැළඳීම අනිවාර්යයයි (වීඩියෝ)

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණෙමින් මේ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන් ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්‍යය බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?