පෞද්ගලික බස්‍ රථ සේවක මහත්වරුන්ටත් විශ්‍රාම වැටුපක් – සීට් බෙල්ට් පැළඳීම අනිවාර්යයයි (වීඩියෝ)

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණෙමින් මේ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන් ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්‍යය බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42