අගමැතිනිය, වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැදකී

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, වත්මන් වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යවරිය මෙලෙස අටමස්ථානාධිපති හිමියන් බැහැදැකීමට පැමිණ තිබුණා.

මෙහිදී රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත්කරමින් කෙටි අනුශාසනාවක්ද අටමස්ථානාධිපති හිමියන් විසින් සිදුකරනු ලැබුවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්