හෝටල් කාමරයක් තුළ දී විදෙස් ජාතිකයෙකු මරුට

මෙරට සංචාරයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හදිසියේ ම හෝටල් කාමරයක් තුළ දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණය සිදු ව ඇත්තේ ඊයේ (12) රාත්‍රී 09.20ට පමණ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටල් කාමරයක් තුළ බවයි.

බ්‍රිතාන්‍ය ජාතික පිල්චර් ග්‍රෑන්විලෙ ජේම්ස් නමැති 77 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙම මරණකරු මැයි 29 වැනි දින පස්වරුවේ සිය බිරිඳ සමග හෝටලයට පැමිණ ඇති බවත් ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?