ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ වම් පස රත්නපුර දෙසට මුහුණලා නවතා තිබූ බූම් ට්‍රක් ලොරි රථයක පිටුපස යතුරුපැදිය ගැටී අනතුරක් සිදු වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
මරණකරු වයස අවුරුදු 24 ක් වූ අල්පිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර ඊයේ (11) රාත්‍රී කාලයේ ශ්‍රී පුර පොලිස් වසමේ ශ්‍රී පුර සිංහපුර මාර්ගයේ පයින වංගුව අසල දී ශ්‍රී පුර දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීයාමෙන් අනතුරක් සිදු වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 16 ක් වූ සේවා ජනපදය, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරුවන් අවුරුදු 16 හා 17 වයස්වල පසුවන පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එමෙන්ම මහනුවර පොලිස් වසමේ අප්ලන්ඩ් ප්‍රදේශයේ දී අප්ලන්ඩ් හන්දිය දෙස සිට ලේවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
මරණකරු වයස අවුරුදු 64 ක් වූ ඉහලමුල්ල, අංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.





