බිහිසුණු රිය අනතුරුවලින් තිදෙනකු මරුට

ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ වම් පස රත්නපුර දෙසට මුහුණලා නවතා තිබූ බූම් ට්‍රක් ලොරි රථයක පිටුපස යතුරුපැදිය ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 24 ක් වූ අල්පිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ (11) රාත්‍රී කාලයේ ශ්‍රී පුර පොලිස් වසමේ ශ්‍රී පුර සිංහපුර මාර්ගයේ පයින වංගුව අසල දී ශ්‍රී පුර දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීයාමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 16 ක් වූ සේවා ජනපදය, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරුවන් අවුරුදු 16 හා 17 වයස්වල පසුවන පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම මහනුවර පොලිස් වසමේ අප්ලන්ඩ් ප්‍රදේශයේ දී අප්ලන්ඩ් හන්දිය දෙස සිට ලේවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 64 ක් වූ ඉහලමුල්ල, අංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46