බිහිසුණු රිය අනතුරුවලින් තිදෙනකු මරුට

ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ වම් පස රත්නපුර දෙසට මුහුණලා නවතා තිබූ බූම් ට්‍රක් ලොරි රථයක පිටුපස යතුරුපැදිය ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 24 ක් වූ අල්පිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ (11) රාත්‍රී කාලයේ ශ්‍රී පුර පොලිස් වසමේ ශ්‍රී පුර සිංහපුර මාර්ගයේ පයින වංගුව අසල දී ශ්‍රී පුර දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීයාමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 16 ක් වූ සේවා ජනපදය, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරුවන් අවුරුදු 16 හා 17 වයස්වල පසුවන පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම මහනුවර පොලිස් වසමේ අප්ලන්ඩ් ප්‍රදේශයේ දී අප්ලන්ඩ් හන්දිය දෙස සිට ලේවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 64 ක් වූ ඉහලමුල්ල, අංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12