ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ (WTC) දෙවැනි දිනය අද (12) යි.
ඊයේ (11) ලෝඩ්ස් හි දී ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් වන අවසන් සටන ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා දිනා ගත්තා.
දකුණු අප්‍රිකානුවන්ගේ ඇරයුමින් ඔස්ට්‍රෙලියාව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි අතර, එහිදී ඔවුන් ව ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.
බියූ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් රැස් කළා.
කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 05ක් සහ මාර්කෝ ජැන්සන් කඩුලු 03ක් බිඳ හෙලුවා.
ඒඩ්න් මක්‍රම් සහ කේෂව් මහරාජ් එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වුණා.
ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි අතර දිනය අවසන් වන විට කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 43ක් අතැතිව සිටියා.
ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු දෙකක් සහ පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.
දකුණු අප්‍රිකාව ඔස්ට්‍රෙලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 169ක් පසුපසින් සිටිනවා.















