WTC අවසන් මහා තරගයේ දෙවැනි දිනය අදයි – දකුණු අප්‍රිකාවේ මුල් පෙළ බිඳ වැටෙයි

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ (WTC) දෙවැනි දිනය අද (12) යි.

ඊයේ (11) ලෝඩ්ස් හි දී ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් වන අවසන් සටන ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා දිනා ගත්තා.

දකුණු අප්‍රිකානුවන්ගේ ඇරයුමින් ඔස්ට්‍රෙලියාව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි අතර, එහිදී ඔවුන් ව ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

බියූ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 05ක් සහ මාර්කෝ ජැන්සන් කඩුලු 03ක් බිඳ හෙලුවා.

ඒඩ්න් මක්‍රම් සහ කේෂව් මහරාජ් එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වුණා.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි අතර දිනය අවසන් වන විට කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 43ක් අතැතිව සිටියා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු දෙකක් සහ පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

දකුණු අප්‍රිකාව ඔස්ට්‍රෙලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 169ක් පසුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20