හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කොට උපයාගත් යැයි කියන මිලියන 27ක මුදලක් වෙනත් අයකුගෙ නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන ගොස් පරිහරණය කළ බවට වන චෝදනාව මත දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් කොළඹ මූල්‍ය වංචා ඒකකය විසින් ගොනු කරන ලද නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කෙරුණා.
දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, කොළඹ මහ බැංකුවේ මූල්‍ය රහස් අංශය විසින් කොළඹ මූල්‍ය වංචා ඒකකයට ලබා දුන් තොරතුර මත මෙලෙස විමර්ශන ආරම්භ කිරීමෙන් පසු සොයාගෙන ඇත්තේ පළමු සැකකරු වන උදිත් නිශාන්ත යන අයගෙ නමින් පෞද්ගලික බැංකුවක් තුළ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම මගින් මිලියන 27කට අධික මුදලක් හුවමාරු වී ඇති බවට විමර්ශනයේ දී කරුණු අනාවරණය වූ බවයි.
දෙමටගොඩ චමින්ද විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර සොයා ගන්නා ලද මුදල් මෙලෙස පළමු සැකකරුගේ නමින් පවත්වාගෙන ගිය ගිණුම ඔස්සේ පරිහරණය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඉදිරි විමර්ශන සඳහා දෙසැම්බර් මස 12 වන දින නඩුව කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කෙරුණු අතර එදිනට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළා.





