දෙමටගොඩ චමින්ද රුපියල් මිලියන 27ක මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවක සැකකරුවෙකු කරයි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කොට උපයාගත් යැයි කියන මිලියන 27ක මුදලක් වෙනත් අයකුගෙ නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන ගොස් පරිහරණය කළ බවට වන චෝදනාව මත දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් කොළඹ මූල්‍ය වංචා ඒකකය විසින් ගොනු කරන ලද නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, කොළඹ මහ බැංකුවේ මූල්‍ය රහස් අංශය විසින් කොළඹ මූල්‍ය වංචා ඒකකයට ලබා දුන් තොරතුර මත මෙලෙස විමර්ශන ආරම්භ කිරීමෙන් පසු සොයාගෙන ඇත්තේ පළමු සැකකරු වන උදිත් නිශාන්ත යන අයගෙ නමින් පෞද්ගලික බැංකුවක් තුළ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම මගින් මිලියන 27කට අධික මුදලක් හුවමාරු වී ඇති බවට විමර්ශනයේ දී කරුණු අනාවරණය වූ බවයි.

දෙමටගොඩ චමින්ද විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර සොයා ගන්නා ලද මුදල් මෙලෙස පළමු සැකකරුගේ නමින් පවත්වාගෙන ගිය ගිණුම ඔස්සේ පරිහරණය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඉදිරි විමර්ශන සඳහා දෙසැම්බර් මස 12 වන දින නඩුව කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කෙරුණු අතර එදිනට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07