ඩෙංගු මර්දනයට විශේෂ මෙහෙයුම් මැදිරියක් – විශේෂ මදුරු මර්දන වැඩසටහන අද සිට

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ, අනුව ජනතාවට 011 796 6366 යන දුරකථන අංකය ඔස්සේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මකවන අතර, සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන්නේ පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පමණයි.

මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබාගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු වාර්තා කිරීම ඇතුළු සේවාවන් රැසක් ලබාගත හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (24) සිට ආරම්භ වනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ අද (24) දිනයේ සිට දින තුනක් එය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට ඩෙංගු අවදානම් සහිත ලෙස පැතිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ සංඛ්‍යාව 669 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530ක්.

එමෙන්ම ඩෙංගු මරණ 29ක් ද මේ වනවිට මෙරටින් මෙම වසර තුළ දී වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50