ජපානය කේන්ද්‍ර කරගත් මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන්

අමෙරිකාව ඇතුළු රටවල් රැසක දැඩි අර්බුදයක් මතු කර ඇති ‘ෆෙන්ටැනීල්’ නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අපනයනය කරන බවට සැකකෙරෙන චීන සංවිධානයක්, ජපානය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ ක්‍රිප්ටෝ මුදල් වංචාවල නිරත වී ඇති බව Nikkei පුවත් සේවය සිදුකළ ස්වාධීන විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරම්කාර කණ්ඩායම ජපානයේ අන්තර්ජාල ඩොමේන් භාවිත කරමින් සාමාන්‍ය ක්‍රිප්ටෝ මුදල් මිලදී ගන්නන් විශාල පිරිසක් මුල්‍යාත්මක වංචාවලට හසුකර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ආයතන සමඟ ද මොවුන් දැඩි ලෙස මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති බවට සාක්ෂි හමුවී තිබෙන අතර, මෙයින් පෙනී යන්නේ මෙය ඉතා පුළුල් ලෙස සංවිධානය වූ ජාත්‍යන්තර අපරාධ ජාලයක් බවයි.

ජපානය තුළ සිදු වූ මෙම මූල්‍ය අපරාධවලට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධානතම ආයතනය වන්නේ Hubei Amarvel Biotech නමැති චීන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමයි.

අමෙරිකානු බලධාරීන් මේ වන විටත් මෙම ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින අතර, එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් දෙදෙනෙකුට පසුගිය වසරේදී ඇමරිකානු අධිකරණයක් මඟින් වැරදිකරුවන් කරමින් දඬුවම් නියම කරනු ලැබුවා.

අමෙරිකානු මත්ද්‍රව්‍ය මර්දන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මැයි මස අගදී පෙන්වා දුන්නේ, ෆෙන්ටැනීල් මත්ද්‍රව්‍ය ජාවාරමේදී ජපානය ප්‍රධාන සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන බවයි.

අනෙකුත් රටවලට සාපේක්ෂව ජපානයේ සිට අමෙරිකාව බලා යන වාණිජ භාණ්ඩ පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය ලිහිල් ස්වභාවයක් ගන්නා බැවින්, චීනය වැනි රටවල නිෂ්පාදනය කෙරෙන මෙම මත්ද්‍රව්‍ය රසායනිකයන් අමෙරිකාවට ප්‍රවාහනය කිරීම සඳහා ජාවාරම්කරුවන් ජපානය තෝරා ගන්නා බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08