තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට ඇල්ලූ සයදෙනාම සිද්ධියට සෘජුවම සම්බන්ධයි – CID

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට අනාවරණය වු බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එලෙස හයවන සැකකරු වන රුවන් පුෂ්ප කුමාර යන අය ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු සමග යතුරුපැදිය පැදවූ අය බවටත්, ප්‍රධාන සැකකරු විසින් හයවන සැකකරුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති බවට ද විමර්ශනවල දී අනාවරණය වූ බවට අධිකරණයේ දී ප්‍රකාශ කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

තවමත් ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද ප්‍රකාශ කළා.

තුන්වන සැකකාරිය වන සුරංගි උදේශිකා යන අය ප්‍රධාන සැකකරු වන වෙඩික්කරුගේ අනියම් බිරිඳ බවට ද, ඇයගේ නිවසේ තිබියදී මෙම සිද්ධිය සඳහා භාවිත කළ පොරව ද සොයා ගැනීමට හැකි වූ බවට විමර්ශන නිලධාරියා විසින් අධිකරණයේ දී ප්‍රකාශ කළා.

මෙම සැකකරුවන් හය දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවල දී කරුණු ඉදිරිපත් වූ බවට විමර්ශන නිලධාරියා විසින් අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

තවමත් සිද්ධිය සඳහා යොදාගත් ගිනිඅවිය සහ යතුරුපැදිය සොයා ගැනීමට නොහැකි වූ බව ද අධිකරණයේ දී විමර්ශකයින් කියා සිටියා.

මෙම සැකකරුවන් හය දෙනා ජුනි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්
අරසේන මහතා නියෝග කළේ මෙවන් පසුබිමක් තුළයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14