කෝපා කමිටුවේ රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා‍වේ (COPA) සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (22) මෙම නිරීක්ෂණ චාරිකාව සිදු වූ අතර මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

පසුගිය (09) වැනිදා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) කැඳවූ අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් 63ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු 01 සිට අවුරුදු 08කට ආසන්න කාලයක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල පරිශ්‍රයේ හා දුම්රිය නැවතුම්පළවල නවතා ඇති බව සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර හා යන්ත්‍රාගාර ඌන උපයෝජනයක් සහිත බව නිරීක්ෂණය වූ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලීමට මන්ත්‍රීවරු මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කළා.

මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක මහත්මිය වැඩ බිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර අදාළ වැඩ බිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නා.

වැඩ බිම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවයි.

එසේම ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරුන්, ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිල දී ගෙන ඇති බව ද පෙන්වා දුන්නා.

නිරීක්ෂණ චාරිකාව මගින් හඳුනාගත් සියලු කරුණු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා‍වට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද මන්ත්‍රීවරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12