AFC Banner
Empty Ad
Empty Ad

“කොරෝනා ව්‍යාප්තියේ දෙවන අවුරුද්ද තවත් මාරාන්තික වෙන්න පුළුවන්..”

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අනතුරු ඇඟවීම මෙන්න

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දෙවන වසර බෙහෙවින් මාරාන්තික වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මේ බව කියා සිටියේ.

ඒ හේතුවෙන් දරුවන්ට සහ යොවුන් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට තම අවදානය යොමු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු කලාපය තුළ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබුණා.

එය මේ වනවිට සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

‍කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට විවිධ රටවල් අනුගමනය කරනු ලැබු නීති ලිහිල් කිරීම මීට හේතුව බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?