සම සෞඛ්‍ය උපාධිධාරී බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටි සියලුම දෙනාට රස්සාව ?

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගය වෙනුවෙන් ඊයේ (28) දින පෙනී සිටි සියලුම දෙනාට එම පත්වීම් හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පවතින පුරප්පාඩුවවලට වඩා විභාගයට පෙනී සිටි සංඛ්‍යාව අඩුවීම තුළ එම අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍යවේදීන් එහිදී මෙම තරග විභාගය පිළිබඳ නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තනතුරු සඳහා පුරප්පාඩු 500ක් පවතින බවයි.

එමෙන්ම මෙහිදී අනාවරණය වුණේ එම තරග විභාගය සඳහා අයදුම්පත් යොමුකර තිබූ විශාල පිරිසක් විභාගය වර්ජනය කර ඇති බවයි.

ඒ, හේතුවෙන් ඊයේ (28) දිනයේ විභාගය සඳහා පෙනී සිටි 105 දෙනා වෙනුවෙන් එම පත්වීම් හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මෙම විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09