බිරිඳ මරා සිරුර දෙකට කපා කුණු ඇලට දැමූ සැමියා සහ බෑණා පොලිස් අත්අඩංගුවට

සිය බිරිඳට පිහියකින් ඇණ ඝාතනය කර, ඇයගේ සිරුර දෙකට කපා ස්ටේට්පුර කුණු ඇලට දැමූ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) සහ අද (27) දින මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා සහ බෑණා බවයි වාර්තා වුණේ.

ග්‍රෑන්ඩ්පාස්, ස්ටේට්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඇයගේ සැමියා විසින් පසුගිය 21 වනදා ඝාතන සිදුකිරීමෙන් පසු සිරුර දෙකට කපා බෑණා ලවා කුණු ඇලට දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ කාන්තාව ඇයගේ දියණියක් සමඟ ස්ටේට්පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවතව ඇති අතර, උඩුමහලේ දියණිය සහ ඇයගේ සැමියාත්, මෙම කාන්තාව සැමියා සමඟ පහත මහලේ පදිංචිව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

එලෙස මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ මෙම කාන්තාව අනියම් ඇසුරක් පවත්වා ඇති බවට ඇතිවූ සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40