Fly high Get bonus Aviator Phone

බිරිඳ මරා සිරුර දෙකට කපා කුණු ඇලට දැමූ සැමියා සහ බෑණා පොලිස් අත්අඩංගුවට

සිය බිරිඳට පිහියකින් ඇණ ඝාතනය කර, ඇයගේ සිරුර දෙකට කපා ස්ටේට්පුර කුණු ඇලට දැමූ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) සහ අද (27) දින මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා සහ බෑණා බවයි වාර්තා වුණේ.

ග්‍රෑන්ඩ්පාස්, ස්ටේට්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඇයගේ සැමියා විසින් පසුගිය 21 වනදා ඝාතන සිදුකිරීමෙන් පසු සිරුර දෙකට කපා බෑණා ලවා කුණු ඇලට දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ කාන්තාව ඇයගේ දියණියක් සමඟ ස්ටේට්පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවතව ඇති අතර, උඩුමහලේ දියණිය සහ ඇයගේ සැමියාත්, මෙම කාන්තාව සැමියා සමඟ පහත මහලේ පදිංචිව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

එලෙස මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ මෙම කාන්තාව අනියම් ඇසුරක් පවත්වා ඇති බවට ඇතිවූ සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?