රටම කතා වූ කිරිබත්ගොඩ අමානුෂික පහරදීමට පෙම්වතෙක් අත්අඩංගුවට

මහා මාර්ගයක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

කිරිබත්ගොඩ නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා පුද්ගලික ආයතනය හිමිකරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා තම ආයතනයේ සේවය කරනු ලබන තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් තිබෙනවා.

එම සිදුවීමට ආයතනයේ හිමිකරු සමඟ තරුණියයේ පෙම්වතා බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුරදිග යාමෙන් ඇති වූ විරසකය මත අදාළ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලික ආයතනයේ හිමිකරුට ඊයේ (26) මෙලෙස මහ මඟ දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. මොන ප්‍රශ්නය වුණත් නීතිය අතට ගන්න ඔවුන්ට බැහැ මෙම පුද්ගලයාට මෙම පහරදීම නිසා කිසියම් වැරදි ස්ථානයකට පහරක් එල්ල වුවහොත් මරණයට පත්වෙනවා එතකොට කවුද වැරදි මොන වැරැද්ද කරත් මොනා ප්‍රශ්නය තිබුණත් නීතිය අතට ගත්ත එකයි වැරැද්ද හැම වැරැද්දකට ම ඔහොම නීතිය අතට අරන් කටයුතු කරනවා නම් මේ ලංකාවට ොලිසියක් අවශ්‍ය වෙන්නේ නැහැ . මොවුන්ට දඬුවම් කර යුතුයි මේ වගේ පුද්ගලයින් ලංකාවටම පිලලයක්

  2. අරගලයෙන් ලැබුනු ප්‍රචණ්ඩකාරී වී දේවල් වලට පිළිතුරු සෙවීම. අප්පුඩි ගහපු කලුකෝට් බෑයෝ මේවාට වග කියන්න ඕනේ. USAID එකෙන් සල්ලි අරන් ඉන්න බෑ දැන්. අවනීතියට උල් පන්දම් දුන්නු හැත්ත.

  3. Yet most of our people are in an oudated era to assault a person blindly. Beletting human life and discrimination among sex lead to degrading SL society.Should examine whether the assaulters are exposed to drugs or under heavy liquor!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14