නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) ප්‍රතික්ෂේප කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි නාමල් රාජපක්ෂට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (23) දින ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ වන විට අදාළ නඩුකරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම් ආරම්භ වී තිබෙනවා.