“ඔවුන්ට එය කළ හැකි නම්, අපේ කණ්ඩායමට එය කළ නොහැක්කේ ඇයි”

රාවල්පින්ඩිහි දී ලකුණු 430ක ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය පිටුපස, කණ්ඩායම් Dressing-room එක තුළ පැවති ධනාත්මක මානසිකත්වය, ගත් උපායමාර්ගික තීරණ සහ එංගලන්තයේ පිතිකරණ දක්ෂතාව දැකීමෙන් ලැබුණු ආත්ම විශ්වාසය යන කරුණු ඉවහල් වූ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පවසනවා.

එංගලන්තයට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, එක් පන්දුක් ඉතිරිව තිබියදී තරගය ජයගත් අතර, එය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹා ගිය දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ඉතිහාසයට එක් වුණා.

තරගයෙන් අනතුරුව පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින්, පන්දු 50කින් ලකුණු 97ක් රැස් කළ දසුන් ශානක පැවසුවේ, එංගලන්තය ලකුණු 429ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියද, ශ්‍රී ලංකා කණ්ඩායම පැහැදිලි සැලැස්මක් සහිතව ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බවයි.

ක්‍රීඩකයින් මානසිකව සූදානම් කිරීම සහ තරගය සඳහා පැහැදිලි ප්‍රවේශයක් සකස් කරදීම සම්බන්ධයෙන් ශානක මෙහිදී කණ්ඩායම් නායකත්වයට ගෞරවය පුද කර සිටියා.

එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් ලබාගත් විශිෂ්ට ද්විත්ව ශතකය, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ද එවැනිම අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතාවක් දැක්විය හැකි බවට විශ්වාසයක් ඇති කිරීමට හේතු වූ බවයි ඔහු පැවසුවේ.

“ඔවුන්ට එය කළ හැකි නම්, අපේ කණ්ඩායමට එය කළ නොහැක්කේ ඇයි?” යනුවෙන් ක්‍රීඩකයින් අතර සාකච්ඡා වූ බව ශානක සිහිපත් කළා.

මෙම තරගයේ පරාජයක් ලැබුවහොත් තමන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන බව කණ්ඩායම දැන සිටි බැවින්, ඉලක්කය හඹා යාමේදී ආක්‍රමණශීලී මානසිකත්වයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූ බව ඔහු පැහැදිලි කළා.

එමෙන්ම ජනිත් ලියනගේ සහ තමාගේ පිතිකරණ අනුපිළිවෙල ඉහළ දැමීමේ හැකියාව පිළිබඳව පුහුණුකරු ගැරී කර්ස්ටන් සමඟ සාකච්ඡා කළ බවත්, එම තීරණය ගැනීමේදී නායකයා ද සම්බන්ධ වූ බවත් ශානක මෙහිදී හෙළිකර සිටියා.

“මෙම තරගයේදී ගත් නිවැරදිම තීරණය එය යැයි මම සිතනවා,” යැයි පැවසූ ශානක, එම තීරණය තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද ඇතුළුව මුල් කඩුලු දෙකක් ඉක්මනින් අහිමි වී තිබියදී, ඉලක්කය හඹා යාම සඳහා අඩිතාලම දැමූ පවන් රත්නායක සහ අවිෂ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ව හිටපු ශ්‍රී ලංකා නායකයා ඇගයීමට ලක්කර සිටියා.

“අපට මෙය කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට සහ සැමට ඉතා හොඳ තල්ලුවක් බව මට හැඟේ. එබැවින් විශ්වාස කරන්න,” ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42