වැලිකන්ද OIC ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

වැලිකන්ද පොලිසිය මගින් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් කිරි ගවයින් 20 දෙනෙකු, සැකකරුවන් දෙදෙනකු සමග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කිරි ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට චෝදනා ලැබ සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට නියෝග කර තිබෙනවා.

ඊයේ (18) මෙම නියෝගය නිකුත් කර ඇති බවත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අදාළ සිද්ධිය සම්බන්ධව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දුන්නා.

D982025 /02 අංකය යටතේ විභාග වන මෙම නඩුවට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් අන්සර් සදාත් මහතා පොලිසියට මෙහිදී නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33