Empty Ad
AFC Banner
Empty Ad

ඔබත් මේ ආහාර ශීතකරණයේ තබනවා නම් අදම එය නවත්වන්න!

දෛනික ගෘහ ජීවිතයේ ආහාරපානවල සුරක්ෂිතභාව, නැවුම්භාවය සහ කල් තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ලෝකයේ බොහෝ නිවාසවල මෙන් ම අවන්හල්වල ඇතැම් ආහාර ශීතකරණයක බහා තැබීම පුරුද්දක් වනවා.

නමුත් NDTV මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෑම ආහාරපානයක් ම කිසි විටෙක ශීතකරණයක බහා තැබීම සෞඛ්‍ය අනාරක්ෂිත බවයි.

විදෙස් වෛද්‍ය අංශ මෙලෙස ශීතකරණයක බහාලීම සිදු නොකළ යුතු ආහාරපාන ලැයිස්තුවක් ද සකසා තිබෙනවා.

එම ආහාරපාන අතර; අර්තාපල්, පැණිකොමඩු, කෙසෙල්, සුදුලූණු, රතුලූණු, රටලූණු (බීලූණු), තක්කාලි, කෝපි, මීපැණි, අධි උෂ්ණත්වයකින් යුත් සෝස් වර්ග ආදිය මෙලෙස ශීතකරණයේ තැබීම සුදුසු නොවන බවයි පැවසෙන්නේ.

විශේෂයෙන් ම අර්තාපල් ශීතකරණයක් තුළ තැබීමෙන් උණුසුම් උෂ්ණත්වයට වඩා වැඩි වේගයකින් එහි ඇති පිෂ්ඨය සීනි සාන්ද්‍රණයක් බවට පත් වනු ඇති.

නමුත් එය අර්තාපල් ප්‍රිය පුද්ගලයින්ගේ ශරීරය තුළ ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි වාර්තා වන්නේ.

තම්බා, පොඩි කළ හෝ බැදපු අර්තාපල් කෑමට ප්‍රිය වුව ද, කාමර උෂ්ණත්වයේ දී අර්තාපල් වඩාත් හොඳින් රස විඳිය හැකි බැවින්, ඒවා ශීතකරණයේ තැබීමෙන් වළකින ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තව ද කෙසෙල් ශීතකරණය තුළ තැබීමෙන් ආරක්ෂා නොවන අතර අධි සීතල නිසා ඒවා කළු පැහැයට හැරීමේ අවදානමක් පවතින බව ද පැවසෙනවා.

කෙසෙල් ඉබේම ඉදෙන්නට ඉඩ තබන ලෙසත් එය බලහත්කාරයෙන් ශීතකරණයක තැබීමෙන් වර්ණ ගැන්විය නොහැකි බව ද වාර්තා වනවා.

කෙසෙල් මගින් පුද්ගල ශරීරයේ රුධිර මට්ටම පාලනය කරන බවයි වෛද්‍ය අංශ සඳහන් කරන්නේ.

එමෙන්ම ලූණු වර්ග හොඳින් වැඩීමටත්, නැවුම් ලෙස තබා ගැනීමටත් නිසි ලෙස වායු සංසරණය අවශ්‍ය වනු ඇති.

එය ශීතකරණයක බහාලීමෙන් සිදු කළ නොහැකි බවයි පැවසෙන්නේ.

කෝපි ශීතකරණයක තැබීමෙන් හිරු එළිය අවශ්‍ය පානයක් වන එය ඉක්මනින් විනාශ වී අපතේ යාමට ඉඩ ඇති බව ද වාර්තා වනවා.

ශීතකරණයේ පාන් ගබඩා කිරීම තහනම් ක්‍රියාවක් වනු ඇති.

එය සෞඛ්‍යයට දැඩි අහිතකර තත්ත්වයක් වන්නේ පාන් ඉක්මනින් පරණ වීම ශීතකරණයක් මගින් ශීඝ්‍ර කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම බිත්තර ද ශීතකරණයේ තැබීමෙන් එහි රසය සහ වයනය අඩු වන බවත් ආයු කාලය දීර්ඝ වන බවත් එය ශරීර සෞඛ්‍යයට සුදුසු නොමැති බව ද පැවසෙනවා.

ඒ හේතුවෙන් බිත්තර ද කාමර උෂ්ණත්වයක් යටතේ තැබීමට හැකි නම් වඩාත් සුදුසු බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙවැනි ආහාරපාන වර්ග ශීතකරණවල නොතැබීමට වග බලා ගැනීම කාගෙ කාගෙත් සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
14
+1
10
+1
5
+1
4
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09

?