ඔබත් මේ ආහාර ශීතකරණයේ තබනවා නම් අදම එය නවත්වන්න!

දෛනික ගෘහ ජීවිතයේ ආහාරපානවල සුරක්ෂිතභාව, නැවුම්භාවය සහ කල් තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ලෝකයේ බොහෝ නිවාසවල මෙන් ම අවන්හල්වල ඇතැම් ආහාර ශීතකරණයක බහා තැබීම පුරුද්දක් වනවා.

නමුත් NDTV මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෑම ආහාරපානයක් ම කිසි විටෙක ශීතකරණයක බහා තැබීම සෞඛ්‍ය අනාරක්ෂිත බවයි.

විදෙස් වෛද්‍ය අංශ මෙලෙස ශීතකරණයක බහාලීම සිදු නොකළ යුතු ආහාරපාන ලැයිස්තුවක් ද සකසා තිබෙනවා.

එම ආහාරපාන අතර; අර්තාපල්, පැණිකොමඩු, කෙසෙල්, සුදුලූණු, රතුලූණු, රටලූණු (බීලූණු), තක්කාලි, කෝපි, මීපැණි, අධි උෂ්ණත්වයකින් යුත් සෝස් වර්ග ආදිය මෙලෙස ශීතකරණයේ තැබීම සුදුසු නොවන බවයි පැවසෙන්නේ.

විශේෂයෙන් ම අර්තාපල් ශීතකරණයක් තුළ තැබීමෙන් උණුසුම් උෂ්ණත්වයට වඩා වැඩි වේගයකින් එහි ඇති පිෂ්ඨය සීනි සාන්ද්‍රණයක් බවට පත් වනු ඇති.

නමුත් එය අර්තාපල් ප්‍රිය පුද්ගලයින්ගේ ශරීරය තුළ ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි වාර්තා වන්නේ.

තම්බා, පොඩි කළ හෝ බැදපු අර්තාපල් කෑමට ප්‍රිය වුව ද, කාමර උෂ්ණත්වයේ දී අර්තාපල් වඩාත් හොඳින් රස විඳිය හැකි බැවින්, ඒවා ශීතකරණයේ තැබීමෙන් වළකින ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තව ද කෙසෙල් ශීතකරණය තුළ තැබීමෙන් ආරක්ෂා නොවන අතර අධි සීතල නිසා ඒවා කළු පැහැයට හැරීමේ අවදානමක් පවතින බව ද පැවසෙනවා.

කෙසෙල් ඉබේම ඉදෙන්නට ඉඩ තබන ලෙසත් එය බලහත්කාරයෙන් ශීතකරණයක තැබීමෙන් වර්ණ ගැන්විය නොහැකි බව ද වාර්තා වනවා.

කෙසෙල් මගින් පුද්ගල ශරීරයේ රුධිර මට්ටම පාලනය කරන බවයි වෛද්‍ය අංශ සඳහන් කරන්නේ.

එමෙන්ම ලූණු වර්ග හොඳින් වැඩීමටත්, නැවුම් ලෙස තබා ගැනීමටත් නිසි ලෙස වායු සංසරණය අවශ්‍ය වනු ඇති.

එය ශීතකරණයක බහාලීමෙන් සිදු කළ නොහැකි බවයි පැවසෙන්නේ.

කෝපි ශීතකරණයක තැබීමෙන් හිරු එළිය අවශ්‍ය පානයක් වන එය ඉක්මනින් විනාශ වී අපතේ යාමට ඉඩ ඇති බව ද වාර්තා වනවා.

ශීතකරණයේ පාන් ගබඩා කිරීම තහනම් ක්‍රියාවක් වනු ඇති.

එය සෞඛ්‍යයට දැඩි අහිතකර තත්ත්වයක් වන්නේ පාන් ඉක්මනින් පරණ වීම ශීතකරණයක් මගින් ශීඝ්‍ර කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම බිත්තර ද ශීතකරණයේ තැබීමෙන් එහි රසය සහ වයනය අඩු වන බවත් ආයු කාලය දීර්ඝ වන බවත් එය ශරීර සෞඛ්‍යයට සුදුසු නොමැති බව ද පැවසෙනවා.

ඒ හේතුවෙන් බිත්තර ද කාමර උෂ්ණත්වයක් යටතේ තැබීමට හැකි නම් වඩාත් සුදුසු බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙවැනි ආහාරපාන වර්ග ශීතකරණවල නොතැබීමට වග බලා ගැනීම කාගෙ කාගෙත් සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් වනු ඇති.

  1. මම ද පාන් ශීතකරණයේ ගබඩා කරන්නෙක්මි. එය අධි ශීතකරණ කොටස් තුළය. පාන් හොඳින් ආවරණය කළ හැකි සිප් බෑගයක හෝ හොඳන්භා වැසිය හැකි භාජනයක දමා එසේ තැබීමෙන් මාසයක් වුවද නැවුම් බව රදා පවතී. බොහෝ විට එය යුරෝපයේ සිදුවේ. එළියට ගෙන පැයක් පමණ කාමර උෂ්ණත්වයේ තැබීමෙන් පසු නැවුම් ලෙස භාවිතා කළ හැකිය. එහි රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන්නේද යන්න ගැන නොදනිමි. අනෙකුත් අහල ද්‍රව්‍ය ගැන ීම් අදහසක් නැත.

    එහෙත් මෙවැනි වාර්තා නිසි ලෙස පරීක්ෂාවකින් පසුව පළ කරන්නේද යන්න එබැවින් සලකා බැලිය යුතුව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20