Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවට නවසීලන්තයට තීරණාත්මක T20 තරගයක් අද රාත්‍රියේ දී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තීරණාත්මක පන්දුවාර 20 තරගයක් මෙරට වේලාවෙන් අද (17) රාත්‍රියේ ඇරඹෙනවා.

ඒ ප්‍රතිවාදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පළමු තරගය ජයග්‍රහණය කරමින් ද, කිවි ක්‍රීඩිකාවන් දෙවැනි 20-20 තරගයේ ද ජය ලබමින් පන්දුවාර 20 තරගාවලියක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අද තරගයට පිවිසෙනවා.

පළමු තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 07කින්.

කිවි ක්‍රීඩිකාවන් දෙවැනි තරගය කඩුලු 07කින් ජයගෙන සමමට්ටම ට පත් වූවා.

කෙසේවෙතත් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස (එක් තරගයක් අයහපත් කාලගුණය හේතුවෙන් අතහැරිණි) ජයගත්තේ සත්කාරක නවසීලන්තයයි.

අද තරගය Dunedin නුවර දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?