වෛද්‍යවරයෙකුගේ හෙලිදරව්වක් PCR කරගන්න විදිහක් නැල්ලු

නුවරඑළිය රෝහල තුළ සිදු කළ යුතු PCR පරීක්ෂණ දින 08ක් තිස්සේ සිදු කිරීමට නොහැකිව සිටින බව මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

එම රෝහලේ පවතින PCR යන්ත්‍රය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නොමැති වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි ඔහු අනාවරණය කරන්නේ.

එමෙන්ම පහසුකම් අවම වීම නිසා මහනුවර සහ මාතලේ රෝහල් තුළ ද PCR පරික්ෂණ නිසි පරිදි සිදු නොකරන බව ඔහු සඳහන් කරනවා.

මෙවන් තත්ත්වයක් මත පරීක්ෂා කළ යුතු සාම්පල විශාල ප්‍රමාණයක් මේ වන විට  ගොඩ ගැසී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙවන් සිදුවීම් නිසා මෙරට තුළ වයිරසය ව්‍යාප්තව ඇති අන්දම පිළිබඳව නිසියාකාරව නිගමනය කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරයා මේ අනාවරණ සිදු කළේ මහනුවර දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහා වන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී යි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද පවසන්නේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට දින ගණනාවක් ගතවන නිසා මේවන විට දෛනික ආසාදිතයින් ලෙස ප්‍රකාශයට පත්වන්නේ දින ගණනකට පෙර ප්‍රතිඵල බවයි.

මේ හේතුවෙන් වර්තමානය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පවතින්නේ කෙලෙසද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද ඔවුන් පෙන්වා දුන්නා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56