AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරයෙකුගේ හෙලිදරව්වක් PCR කරගන්න විදිහක් නැල්ලු

නුවරඑළිය රෝහල තුළ සිදු කළ යුතු PCR පරීක්ෂණ දින 08ක් තිස්සේ සිදු කිරීමට නොහැකිව සිටින බව මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

එම රෝහලේ පවතින PCR යන්ත්‍රය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නොමැති වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි ඔහු අනාවරණය කරන්නේ.

එමෙන්ම පහසුකම් අවම වීම නිසා මහනුවර සහ මාතලේ රෝහල් තුළ ද PCR පරික්ෂණ නිසි පරිදි සිදු නොකරන බව ඔහු සඳහන් කරනවා.

මෙවන් තත්ත්වයක් මත පරීක්ෂා කළ යුතු සාම්පල විශාල ප්‍රමාණයක් මේ වන විට  ගොඩ ගැසී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙවන් සිදුවීම් නිසා මෙරට තුළ වයිරසය ව්‍යාප්තව ඇති අන්දම පිළිබඳව නිසියාකාරව නිගමනය කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරයා මේ අනාවරණ සිදු කළේ මහනුවර දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහා වන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී යි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද පවසන්නේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට දින ගණනාවක් ගතවන නිසා මේවන විට දෛනික ආසාදිතයින් ලෙස ප්‍රකාශයට පත්වන්නේ දින ගණනකට පෙර ප්‍රතිඵල බවයි.

මේ හේතුවෙන් වර්තමානය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පවතින්නේ කෙලෙසද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද ඔවුන් පෙන්වා දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?