ට්‍රැක්ටරයෙන් වැටී හය හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

ට්‍රැක්ටර් රථයක මඩ කවරය මත සිටි කුඩා දරුවෙකු රැගෙන බෝක්කුවක් මතින් ගමන් කිරීමේ දී එම දරුවා බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාකරේ පොලිස් වසමේ පූච්චංකේනි ප්‍රදේශයේ තෝනිතට්ටමඩු වැව අසල දී ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 06 ක් වූ තෝනිතට්ටමඩු, පූච්චංකේනි ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

දරුවා ට්‍රැක්ටර් රථයෙන් වැටුණු අවස්ථාවේ දී එහි රියදුරු රථය නැවත්වීමට තිරිංග යොදන අවස්ථාවේ දී දරුවා ට්‍රැක්ටර් රථයට යට වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42