ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇති වූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර තිබෙනවා.

නමුත් ඇයට ඉදිරියේ දී තවත් විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සදහන් කරනවා.