සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදු කරනු ලැබ තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පිළිගන්වනු ලැබුවා.
ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි මීට ප්රථම ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ සහ ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කර තිබෙනවා.
උන්වහන්සේ සිය ප්රථම උපාධිය ලෙස කැලණිය විශ්වවිද්යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, අනතුරුව, කැලණිය විශ්වවිද්යාලයෙන් දර්ශනපති උපාධියද, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්යාලයෙන් දර්ශනපති උපාධිය සහ දර්ශනසූරී ආචාර්ය උපාධියද ලබා තිබෙනවා.
මීට අමතරව උන්වහස්සේ බීජිං විශ්වවිද්යාලයෙන් චීන භාෂාව පිළිබද උසස් ඩිප්ලෝමාවද හදාරා ඇති බව සඳහන්.










