ට්‍රැක්ටරයෙන් වැටී හය හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

ට්‍රැක්ටර් රථයක මඩ කවරය මත සිටි කුඩා දරුවෙකු රැගෙන බෝක්කුවක් මතින් ගමන් කිරීමේ දී එම දරුවා බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාකරේ පොලිස් වසමේ පූච්චංකේනි ප්‍රදේශයේ තෝනිතට්ටමඩු වැව අසල දී ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 06 ක් වූ තෝනිතට්ටමඩු, පූච්චංකේනි ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

දරුවා ට්‍රැක්ටර් රථයෙන් වැටුණු අවස්ථාවේ දී එහි රියදුරු රථය නැවත්වීමට තිරිංග යොදන අවස්ථාවේ දී දරුවා ට්‍රැක්ටර් රථයට යට වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14