Empty Ad
AFC Banner
Empty Ad

ස්කයිප් සමාගමේ මෙහෙයුම් මැයි මාසයේ සිට නවතී

ලොව පුරා මිලියන ගණනක් පරිශීලනය කරන ‘ස්කයිප්’ යෙදුමේ සේවා කටයුතු එළෙඹෙන මැයි මාසයේ සිට නතර කරන බව
එහි හිමිකරුවන මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිවලින් එකක් ලෙස ස්කයිප් ලොව පුරා ප්‍රචලිත වූ අතර, දුරබැහැර සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම මින් සලසා ද තිබුණා.

2003 දී හඳුනවා දුන් ස්කයිප්, 2011 වසරේ දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගනු ලැබුවා.

මේ අතර ස්කයිප් හි කොටසක් වීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත්; ඉදිරියේ දී ස්කයිප් පරිශීලකයින්ගේ ස්කයිප් ගිණුම් Microsoft Teams Free වෙත සම්බන්ධ විය හැකි බවයි ස්කයිප් සමාගම සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ඒ, අනුව ස්කයිප් පරිශීලකයින්ගේ මුරපද සමඟ Microsoft Teams Free වෙත සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?