2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද (25) සම්මත කෙරුණා.
අද පස්වරු 6.15ට පමණ ඇරඹි මෙම ඡන්ද විමසීමේ කටයුතු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ දීයි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ දී එය සම්මත වීමට පක්ෂ ව ඡන්ද 155ක් හිමිවුණා.
විපක්ෂ ව ලැබුණු ඡන්ද ගණන 46ක්.
කිසිවෙකුත් අයවැයට දෙවැනි වර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැහැ.
ඒ අනුව 2025 අයවැය විසර්ජනත පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත කෙරුණා.
මේ අතර එළඹෙන 27 වැනි දින පාර්ලිමේන්තු කාරක සභාව රැස්වීමට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබූ අතර ඊට සභාවේ එකඟත්වය ද හිමි වුණා.
2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කතාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු අතර එහි ඡන්ද විමසීමේ කටයුතුයි මෙලෙස අද දිනයේ දී අවසන් කෙරුණේ.
මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට ද තීරණය කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරියගේ යෝජනාවක් මත යි.
මේ අනුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දින ප.ව 6.00 ට පැවැත්වීමට නියමිත කෙරුණා.