2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි – තෙවැනි වර කියවීම මාර්තු 21 (වීඩියෝ)

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද (25) සම්මත කෙරුණා.

අද පස්වරු 6.15ට පමණ ඇරඹි මෙම ඡන්ද විමසීමේ කටයුතු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ දීයි.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ දී එය සම්මත වීමට පක්ෂ ව ඡන්ද 155ක් හිමිවුණා.

විපක්ෂ ව ලැබුණු ඡන්ද ගණන 46ක්.

කිසිවෙකුත් අයවැයට දෙවැනි වර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැහැ.

ඒ අනුව 2025 අයවැය විසර්ජනත පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත කෙරුණා.

මේ අතර එළඹෙන 27 වැනි දින පාර්ලිමේන්තු කාරක සභාව රැස්වීමට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබූ අතර ඊට සභාවේ එකඟත්වය ද හිමි වුණා.

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කතාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු අතර එහි ඡන්ද විමසීමේ කටයුතුයි මෙලෙස අද දිනයේ දී අවසන් කෙරුණේ.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට ද තීරණය කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරියගේ යෝජනාවක් මත යි.

මේ අනුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දින ප.ව 6.00 ට පැවැත්වීමට නියමිත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57