දිය අනතුරකින් විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු මුදාගැනේ

දිය අනතුරකින් විදේශ ජාතික පුද්ගලයෙකු හා දරුවෙකු බේරාගෙන තිබෙනවා.

මෙම එක් සිදුවීමක් වාර්තා වන්නේ ඊයේ (12) සවස් කාලයේදී අහුංගල්ල වෙරළ තීරයේ දියි.

අනතුරු සංඥා නොතකමින් දියනෑමට ගිය විදෙස් පුද්ගලයෙකු සහ පිරිමි දරුවෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි අහුංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් අවස්ථා දෙකක දී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රතිකාර ලබාදෙනු ලැබුවා.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන කසකස්ථාන ජාතිකයෙකු වන අතර දරුවා වයස අවුරුදු 10ක් වන පෝලන්ත ජාතික පිරිමි දරුවෙක්.

මේ අතර තවත් එවැනිම සිදුවීමක් ඊයේ සවස් කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ වෙරළ තීරයෙන් වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරු සංඥා නොතකමින් දියනෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙකු සහ කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි කළුතර උතුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන ඇති බවයි.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන අතර කාන්තාව වයස අවුරුදු 40 ක් වන කසකස්ථාන ජාතිකයින් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?