දිය අනතුරකින් විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු මුදාගැනේ

දිය අනතුරකින් විදේශ ජාතික පුද්ගලයෙකු හා දරුවෙකු බේරාගෙන තිබෙනවා.

මෙම එක් සිදුවීමක් වාර්තා වන්නේ ඊයේ (12) සවස් කාලයේදී අහුංගල්ල වෙරළ තීරයේ දියි.

අනතුරු සංඥා නොතකමින් දියනෑමට ගිය විදෙස් පුද්ගලයෙකු සහ පිරිමි දරුවෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි අහුංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් අවස්ථා දෙකක දී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රතිකාර ලබාදෙනු ලැබුවා.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන කසකස්ථාන ජාතිකයෙකු වන අතර දරුවා වයස අවුරුදු 10ක් වන පෝලන්ත ජාතික පිරිමි දරුවෙක්.

මේ අතර තවත් එවැනිම සිදුවීමක් ඊයේ සවස් කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ වෙරළ තීරයෙන් වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරු සංඥා නොතකමින් දියනෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙකු සහ කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි කළුතර උතුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන ඇති බවයි.

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන අතර කාන්තාව වයස අවුරුදු 40 ක් වන කසකස්ථාන ජාතිකයින් බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21